10.3.12

රජය කරපු හොද වැඩක්

ලංකාවේ හැමදාමත් තකතීරු රියදුරන් බිලි ගන්නා  වටිනා මිනිස් ජීවිත ආරක්ෂාව සදහා යොදා ගන්නා නව ලකුනු  ක්‍රමය නම් අගය කල යුතුමය.  මෙයට තවත් පෝර ටිකක් දමා යමි ලකුනු මටිටමකදී රියදුරු බලපත්‍රය ස්ථිරවම අවලංගු කර දැමීමේ ක්‍රමයකුත් අවැසිය. අනෙක මේ ලකුනු දෙන බොහෝ වැරදි දඩකොල නිකුත් කරන වැරදි නිසාවෙන්  පොලීසිය පැත්තෙන් අත්වැරදි, කටවැරදි ,ඉගිවැරදි නොවීමේ ක්‍රමයක් අවශ්‍යමය. 

අනෙක් කරුණ නම් රියදුරු බලපත්‍රයක් ලබාදුන් සැනින් ඔහු සර්වසම්පූර්ණ රියදුරකු නොවීමය. එයට හේතුව අන්තර්ජාතික මාර්ග නීති ලංකාවේ ක්‍රියාත්මක උවද, අපේ රියදුරු පාසැල් වල නිසි ප්‍රමිතියක්නොමැති කම ,සමහර රියදුරු බලපත් නිකුත් කරන වංගු ක්‍රම හා පලාතේ මෝටර් රථ පරීක්ෂක තුමා හා රියදුරු පාසැල් අතර තිබෙන මනා සම්බන්ධතාවය නිසාය.



No comments:

Post a Comment