28.12.12

ගහ දන්න අයට කොල කඩාපාන බහිරවයා

බුදුන් දවස කොසොල් රට කොසොල් රජු සිහින සොලසක් දැක එහි ආදීනව බුදුන් වහන්සේගෙන් විමසූ කල්හි අනාගතයේදී පාපයට බරවූ දුදනන් විසින් ලොව වනසන අයුරු එහි කැටිකරගත් තෙරුම උන් වහන්සේ තෙරුම් කල සේක.
මේ සිහින සැබෑ කරමින් කලකට පෙර අප රටේ පාලකයෙක් රඡවීය. අබුද්දස්ස කාලෙට පහලවු මොහු රටේවූ වටිනා ජීවිත විශාල ගනනක්  බිලි ගත්තා වගේම ත්‍රස්ත්‍රයන්ට මහජන බදු මුදලින් මිලට ගත් අවිආයුධ විශාල ගනනක් පුදදුන්හ.  එසමයෙහි බලය අතට ගත් ඔහුගේ කීකරු බුරු පුතා රටපුරා වු නිදන් ගොඩලෑහ.
මේ යුග දෙකක සිදවූ ආතීතාවර්ජනයකි .දැන් වර්ථමානයේහි මෙහි අලුත් කථාව දෙස බලමු.
හැමදාමත් දේශපාලුවන් මහජනතාව අමතන්නේ තමන් ඉදිරි පිට සිටින ජනතාව අතීතය උන්ට වගේම මහජනතාවටත් අමතක යැයි සිතමිනි . එකපැත්තකින් කපුවකු මිත්‍යාව වපුරමින් සොයාගත් මුදල් ලක්ෂ ගනනින් ව්‍යාපාරවල ආයෝජනය කරමින් දෙවියන් විකිනු පාපයට අහිංසක මිනිසුන්ටද දෙවියන්ගේ හාල්කැව්ව නිසාදෝ එම ප්‍රදේශ වල වැව් අමුනු විනාශ කරමින් මහවැසි ඇදවැටේ.
අනෙක් පසින් ඉහත සඳහන් නිදන් බහිරවයා කල පව් සමා කරන්නට රටපුරා පුජනීය ස්ථානවලට ඔහුගේ අම්මගෙ අප්පගේ බුදලෙන් දෙනවාසේ 50000 ගානේ බෙදන්නේ මේ රටේ රජුන් දවස වැලලූ නිදන් ගොඩගෙන නොවේදැයි දන්නෝ දනිති.
දැන් දෙවියන්ගේ හාල් කවා ජනතාවට කපුවා කලා වගේ නිදන් ගොඩගත් පාපයත් ඒ අහිංසකයන් පිටම පටවන්නදෝ කොහෙද දැන් ඔහුත් ජනතාවට හාල් බෙදනවා විතරක් නොව කිලෝ 10 ක හාල් කොට්ටයක් දි කිලොලෝ 70 ක කථා කරති. 
අමතක නොකල යුතු දේ නම් ඔවුන් කල පාපයන් ඔවුන්ට කවදා හෝ පියාට මෙන්ම මෙ බවයෙදීම පලදෙනු නිසැකය යනුයි. ඒහි හොදම උධාහරනය අපේ වී පක්ෂයයි කලකට පේර රටට මහා විනශයක් කරන්නට උඩගෙඩි දුන් උන් මහපුටුවල සිටිනතාක් එම පක්ෂ වඳවී විනාශ වෙමින් යාමය. පුදුමය නම් නමක් දිනූ පුතුන් ඉපදුන දකුණේ මොඩයන්ම  මෙවැනි කබරයන් විලමැද බඃගලාවට කතිරය ගසා එවීමය.
ආනාගතය දකින මිනිසෙකු  කොලපාට කොල්ලන්ට කියූ කථාවකින් ලිපිය නිමා කරමි. ආන්ඩුව පෙරලන්ට නැකැත් හදන්නට පෙර අපවිසින් රටට දැක්මක් ඉදිරිපත් කල යුතුය. එය ඉටුකරන හැටි රටට කිව යුතුය. ඊට පෙර අප එකමුතු විය යුතුය. මා එයට තව මදක් එකතු කරමි සැම දේටම පෙර අරක් ගෙන සිටින බහිරවයන් පමුව පරසක් වලට එලවිය යුත්තේමය.
ලිවුවා රට සිට රට ගැන පුෂ්ප කුමාර