31.3.12

ලක්මවුනි ලෝකයේ කොතනක හිටියත් අප ඔබ සමගයි


චැනල් 4 බූරුවට ලංකා ජනරජයේ පිලිතුර

හිතන්න එපා අපි ලෝකෙන් තනි වෙලා කියල  ඒත් මේක අපේ තනාපති සේවයේ පවතින දුර්වලතා නිසා පුරා වැදුන කනේ පාරක්

හිතන්න එපා අපි ලෝකෙන් තනි වෙලා කියල.  ඒත් මේක අපේ තනාපති සේවයේ පවතින දුර්වලතා නිසා පුරා වැදුන කනේ පාරක්. ඒ නිසා රජයට මේ වෙලාවෙ ලොකු වගකීමක් තියෙනව. පලමු දේ මේ ගැන මැතිඇමති ගොල්ලෝ ගාල කඩා ගත් හරක් සේ කරන විවිද උඩුබුරලෑම නවතා රජයේ ස්ථාවරය ලොවට ප්‍රකාෂ කිරීම වගේම උගත් පාඩම හෝ නූගත් යම් පාඩමක් වේනම් එයද ඔය මොට්ට ඇමතියන්ට උගන්වා මේ හැම දෙයක් ගැනම ජාත්‍යන්තරය සෑහීමකට පත්වන උත්තරයක් බැදීමයි.  නැත්නම් සිදුවනුයේ ජන්දය අපට පක්ෂව දුන් රටවල් මේ උරුලෑවන්ට පක්ෂව අපිකරගත් මෝඩ කමක්යැයි සිතනු ඇතිවීමය.

26.3.12

ඡිනීවාහි දී ලංකා පරාඡය

ඡිනීවාහි දී ලංකා පරාඡය
ලෝකයෙන් අපේරට තනිකර බටහිර අමනයන් යන්නේ මෙවැනි අරමුනක් සඳහාද?

►►ශ්‍රේෂ්ඨ රතු ඉන් දියානු නායක සියැටල්ගේ සුප්‍රසිද්ධ කථාව◄◄
වොෂිංටන් නගරයේ සිටින ශ්‍රේෂ්ඨ නායකයාණන් අපගේ ජන්ම භූමිය මිලදී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරමින් අප වෙත හසුන්පත් එවා ඇත. එතුමා අපට සුබ පතන අතර මිත්‍රත්වයේ දෑතද දිගු කරයි. අපගේ මිත්‍රත්වයෙන් එතුමාට අල්ප වූ හෝ ප්‍රයෝජනයක් නැති බව අපි දනිමු. එහෙත් එතුමාගේ කාරුණිකභාවය අපි අගය කරමු.

22.3.12



පාරිභෝගික කටයුතු පිළිබඳ පැමිණිලි කිරිම
PDFPrintEmail
ප්‍රමිතියට පිළිවිතරයන්ට අනුකූල නොවන භාණ්ඩ හා සේවා පිලිබඳ පැමිණිලි
  • මෙම සේවාව සපයනු ලබන්නේ භාණ්ඩ පාරිභෝගිකයන් ආරක්ෂා කිරිම හා ඔවුන් වෙත සපයනු ලබන භාණ්ඩ හා සේවාවන්හි උසස් තත්ත්වයන් යුක්ත බවට වගබලා ගැනීම සඳහාය.
  • එවැනි භාණ්ඩ හා සේවාවන්ට අදාල නිෂ්පාදනය, නිර්මාණය, සැපයීම, ගබඩා කිරිම, ප්‍රවාහනය හා විකිණීම සඳහා අදාල ප්‍රමිති හා පිළිවිතරයන් විටින් විට ගැසට් පත්‍රයන්හි ප්‍රකාශයට කරනු ලබන දැන්වීම් වලට නිශ්විත ලෙස දක්වා ඇත.(කරුණාකර බී පරිශිෂ්ඨයෙහි දක්වා ඇති 2003 අගෝස්තු 25 වැනි සඳුදා දිනැති අංක 1303/1 ගැසට් පත්‍රය බලන්න.)
  • භාණ්ඩ හෝ සේවාව ලබා ගෙන මාස 3 ක් ඇතුලතදී මෙම සේවාව ලබා ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක.
සුදුසුකම්
  • මෙම සේවාව පැමිණිලි කරන්නෙකුට සුදුසුකම වනුයේ පාරිභෝගියකු වීමය.
  • පැමිණිල්ල ඉදිරිපත් කල යුත්තේ නිෂ්පාදනය මිලයට ගෙන මාස 3 ක් ඇතුලතදී හෝ සේවයක් සපයා ගෙන මාසයක් ඇතුලතදීය.

10.3.12

රජය කරපු හොද වැඩක්

ලංකාවේ හැමදාමත් තකතීරු රියදුරන් බිලි ගන්නා  වටිනා මිනිස් ජීවිත ආරක්ෂාව සදහා යොදා ගන්නා නව ලකුනු  ක්‍රමය නම් අගය කල යුතුමය.  මෙයට තවත් පෝර ටිකක් දමා යමි ලකුනු මටිටමකදී රියදුරු බලපත්‍රය ස්ථිරවම අවලංගු කර දැමීමේ ක්‍රමයකුත් අවැසිය. අනෙක මේ ලකුනු දෙන බොහෝ වැරදි දඩකොල නිකුත් කරන වැරදි නිසාවෙන්  පොලීසිය පැත්තෙන් අත්වැරදි, කටවැරදි ,ඉගිවැරදි නොවීමේ ක්‍රමයක් අවශ්‍යමය. 

අනෙක් කරුණ නම් රියදුරු බලපත්‍රයක් ලබාදුන් සැනින් ඔහු සර්වසම්පූර්ණ රියදුරකු නොවීමය. එයට හේතුව අන්තර්ජාතික මාර්ග නීති ලංකාවේ ක්‍රියාත්මක උවද, අපේ රියදුරු පාසැල් වල නිසි ප්‍රමිතියක්නොමැති කම ,සමහර රියදුරු බලපත් නිකුත් කරන වංගු ක්‍රම හා පලාතේ මෝටර් රථ පරීක්ෂක තුමා හා රියදුරු පාසැල් අතර තිබෙන මනා සම්බන්ධතාවය නිසාය.



7.3.12

ඩොලරයට යටවන රුපියලහා තෙල්මිල

ඈත අතීතයේ අනුන්ගේ කිතුලකට නැග්ග මිනිසකු කිතුලේ අයිතිකරු දැක්ක විට කීවේ තණකොල කපන්න කිතුලට නැග්ගා කියාය. එසේම අපේ දේශපාලුවන් තෙල් මිල වැඩිවූ හැම මොහොතකම උඩුබුරලෑවේ ලෝක වෙළදපලේ තෙල් මිල වැඩිවූ බැවින් අපි වැඩි කලා නොව කරන්න සිදවු බවය. ලෝක වෙලදපලේ බොරතෙල් මිල වැඩි බව අප රටේ ඇටෙන් පොත්තෙන් එලියට දැන් පැමිනි කොලු කුරුට්ටන් පවා දනී. මිල  වැඩි කිරීමට හා කටමැත දෙඩීමට පමනක් ඇමති මැති සබයක් මහජන මුදලින් නඩත්තු කරන්නේ ඇයි?
අනික ඩීසල් වැඩිවනවිට භාන්ඩ මිල වගේ දගුනයකින් අපේ දේශහිතය්ෂී මුද්යන් ඉහල දමන බව මේ අඩු වයසින් ඉපදන පාලකයන් නොදන්නේද? මේවා බලන දෙශපලුවන් කියන්නේ තෙල් සංස්ථාව පාඩු ලබන නිසා  මිල වැඩිකල බවයි. රජයේ බහුතර ආයතන පාඩු ලබන තැනට පත්ඉරු හැදුවේ ඔය උඩපැනගෙන කැ ගහන පක්ෂ විපක්ෂ දේශපාලුවන් නොවේද?