7.3.12

ඩොලරයට යටවන රුපියලහා තෙල්මිල

ඈත අතීතයේ අනුන්ගේ කිතුලකට නැග්ග මිනිසකු කිතුලේ අයිතිකරු දැක්ක විට කීවේ තණකොල කපන්න කිතුලට නැග්ගා කියාය. එසේම අපේ දේශපාලුවන් තෙල් මිල වැඩිවූ හැම මොහොතකම උඩුබුරලෑවේ ලෝක වෙළදපලේ තෙල් මිල වැඩිවූ බැවින් අපි වැඩි කලා නොව කරන්න සිදවු බවය. ලෝක වෙලදපලේ බොරතෙල් මිල වැඩි බව අප රටේ ඇටෙන් පොත්තෙන් එලියට දැන් පැමිනි කොලු කුරුට්ටන් පවා දනී. මිල  වැඩි කිරීමට හා කටමැත දෙඩීමට පමනක් ඇමති මැති සබයක් මහජන මුදලින් නඩත්තු කරන්නේ ඇයි?
අනික ඩීසල් වැඩිවනවිට භාන්ඩ මිල වගේ දගුනයකින් අපේ දේශහිතය්ෂී මුද්යන් ඉහල දමන බව මේ අඩු වයසින් ඉපදන පාලකයන් නොදන්නේද? මේවා බලන දෙශපලුවන් කියන්නේ තෙල් සංස්ථාව පාඩු ලබන නිසා  මිල වැඩිකල බවයි. රජයේ බහුතර ආයතන පාඩු ලබන තැනට පත්ඉරු හැදුවේ ඔය උඩපැනගෙන කැ ගහන පක්ෂ විපක්ෂ දේශපාලුවන් නොවේද?


හැම තුප්පහිකමක්ම කරල විපක්ෂෙට වෙලාගොරවනවා හැර ආන්ඩුව හසුරුවන සුක්කානමේ වගකීම කවදාවත් අපේ විපක්ෂය ගත්තේ නැත. මේ අඩු වයසින් ඉපදීම  හේතුවෙන් මොලය නොමේරූ විපක්ෂය කවදාවත් තම වගකීම තේරුමි ගත්තේ නැත. තෙල් මිල අඩු මටිටමේ පවත්වා ගැනීමට රජයට විකල්ප ගනනාවක් ගත හැක. ඇමති මන්ඩලය විස්සකට සීමා කිරීම, රජයේ පුරාජේරු උත්සව සියල්ල නවතා දැමීම, නාස්තිය නැතිකර දැමීම, සුරා බදු/ දඩ ඉහල දැමීම, දුම්වැටි සදහා අමතර බද ඇති කිරීම,ආදයෙන් සොයා ගන්නා මුදලින් තෙල් සහනාදාරයක් දුන්නේ නම්, දැනට විපක්ෂයේ සිටින සතොස වලපල්ලධ යවා එහි මරන සහතිකය ලියූ මැතියා කිවුවා සේ ඩීසල් ලීටරය 110  ට  නොව රු 50ට  පාඩු නොලබා විකිනිය හැකිය.
වරාය තෙල් සංස්ථාව පාඩු ලැබවේ මහජනතාවට සහන ලබා දීම නිසා නොව මැතිවරන පචාරක වැඩවලට යොදා ගැනීම හා කලින් කලට බලයට පැමිනි දේෂපාලුවන එම ආයතනවලට රොතු බුරුතු පිටින් දැමූ සේවකයන් නිසාබව අපි කැපුවත් කොල/ නිල්/ රතු කියා ගත් මෝඩ ජනදදායකයන් හැර ඉතිරි සියලු මහජනතාව හොදින් දනී.
කරුනු එසේ තිබියදි උගත් ජනතාව ඉදිරියේ නූගත්  දේශපාලන අන්දරේලා කරන විහිලු වලින් අපරට ආසියාවේ ආස්චර්ය කල හැකිද? රටට ගෙනආ සාමයේ මල් පොහොට්ටු තවමත් පිපී විකසිත නොවන්නේ මන්දැයි අප බ්ලොග් අඩවිය සමග සිටින පාඨක ඔබ වටහාගෙන ඇතැයි සිතමි

පිටපත පිටරට සිට අඩහැරපෑවේ පුෂ්ප කුමාර විසිනි

No comments:

Post a Comment