25.10.12

හරක් මුන්ද? අපිද?

මට මතකයි එක්තරා කාලෙක රූපවාහිනී නාලිකාවක විකාෂනය වූ වැඩසටහනක්. මේක දේශපාලනයේ සැබෑ පැතිකඩ  වවෘත කරන විකට වැඩසටහනක්. එක් වැඩසටහනකදී නිවේදකය දේශපාලකයගෙන් අහනව  ඔබේ වසමේ පාරවල් වල අලි බහින වලවල් නේද ? කියල දේශපාලුවා කියනව. ඒකට විසදුම හොදට තියෙන පාරවල් වලත් වලවල් හෑරීම කියල. එතකොට කාටවත් කියන්න බැහැනෙ අර පාර හොදයි මේක නරකයි  කියල.  මට මේ කථාව හිතුනේ අපේ  ගොන් ඇමතිවරු කීප දෙනෙක් පසුගිය කාලයේ රටේ දැවෙන ප්‍රශ්න කීපයකට තමන්ගේ හෙලුව වසා ගන්නට පාව්චි කල  හිල් බේසම් දැකල. බලන්න ඇත්තටම මේ ප්‍රශ්න වලට හොදම පිලියම්ද කියල.
 ප්‍රශ්නය:- ප්‍රශ්නපත්‍ර පිටවීම 
උත්තරය:- විහාගයට සතියකට කලින් සම්මන්ත්‍රන නැවැත්වීම( මොකද උන් ජන්දෙට මරාගන්න නිසා පැය72 කලින් ප්‍රචාරක රුස්වීම් නවත්වනව වගේ මේකත් බලු මනාප පොරයක් කියල හිතල වෙන්න ඇති)
ප්‍රශ්නය:-නියගය නිසා ඡලය හිග වීම
උත්තරය:-කෟතිම වැසි (තියෙන වැව් නිසි කලමනාකාරීත්වයක් යටතේ පිලිසකර කරනවා වෙනුවට)
ප්‍රශ්නය:-විදුලිය නැති වීම
උත්තරය:-
 ලෝකයෙන් අවසන් වීගෙන යන බොරතෙල් සම්පත රැක ගැනීම  සදහා ලයිට් නිවා දැමීම.( මේ ආයතන වලට දෙශපාලුවන් රිංගු පිංපියන් එලවා දමා අවම සේවක සංඛ්‍යාවක් යටතේ නාස්තිය ,දූෂනය නැතිකර විකල්ප බලශක්ති ඒකක වෙත අවධානය යොමු කරනවා වෙනුවට)

එහෙනම් හරක් මුන්ද? අපිද?

බලන්න ආසියාවේ බලවතුන් වී ඇති රටවල් දිහා. මේ මිනිස්සු කාලය අපතේ යවන ක්‍රිකට් බලන්නේ නැතිව මහනසිවී වැඩ කරන හැටි. ඔවුන් හොද දර්ශනයක් තියෙන පාලකයන් ගොන්නක් හිටිය.  ඔවුන් එමරටවල් ආශ්චර්ය කරා ගෙන ගියා. ඒ කටින් ක්‍රියාවෙන් .

පහක්  වැඩ කරන තැනට පනහක් පාලකයන්  සිටින අප රටේ  දියුනුව පනෙන තෙක් මානයකවත් තියෙනවද  උපදින බවබෝග ටිකවත් නිසි මිලකට විකුනාගන්න බැරිව දුක් විදින ඡනතාව   වතුර නොමැතිව    ප්‍රිකටින් කරන ජනතාවගේ කදුලු  අහසට උස වූ ගොඩනැගිලි, අධිවේගී මාර්ග වලින් පිසදැමිය හැකිද?

කවුරුන් කෙසේ කීවද යුද්දය නිමකිරීමේ ලාබයෙන්  ඡන්ද වෙලදාම කරගෙනයාම පාලකයන් පුරුද්දක් කරගෙන ඇත. පෝලියෝ හැදුන කකුලට ''කචල්'' එකක් ගහගෙන විපක්ෂය කෙලින් සිටගන්නට අත්වැල් සොයති .

හිතන්න රටේ  නිශ්පාදනය වැඩිකර ලෝකය ඉදිරියේ බාල්දුවන රුපියල මේ වැටීමෙන් වලක්වන   අපනයන ආරඊථිකය ශක්තිමත් කල යුතුය.  නැත්නම් අවසන සිදුවනුයේ මේරට පිටරටට  විකුනා අවසන් අයවැය හිගය පියවා ශ්‍රි ලංකාව  යන සවයිරී රාජ්‍යය අවසන් කර බලවත් රටක ප්‍රාන්ත රජයක් වනු වලකනු නොහැකි වනු ඇත.