26.3.13

බොදු බල සේනා මහ ලේකම්

අදිටනින් පෙළ ගැසෙමු
පෙරදිග මුතු ඇටය දහම් දිවයින ලෙසින් අභිමානයට පත්වුණු අපේ දේශය අද ඉන්දියන් සාගරයේ ක`දු`ථ බිංදුව බවට පත්වෙලා. ණය බරින් මිරිකුණු, පරගැති බවින් වහල් වුණු සදාචාරය බි`ද වැටී, අධ්‍යාත්මය කඩා වැටුණු සිංහල බෞද්ධයින් අසරණ වෙලා.
අද බෞද්ධයින්ටත්, භික්‍ෂූන් වහන්සේලා හැටියටත් මුහුණ දීමට තිබෙන ගැට`ථ රාශියකි. වර්තමාන සමාජය පෙරදාට වඩා හරිම සංකීර්ණයි.
බුදු දහමත්, ස`ග සසුනත් කිළිටි කරන, ලෝකයා හමුවේ බෞද්ධත්වය හා සංඝයා හෑල්ලූවට ලක් කරන, මුදල්, පිරිකරක් හෝ වරදානයක් පිදීමෙන් ඕනෑම දෙයක් කියවා, කරවා ගත හැකි තත්වයට අද භික්‍ෂූන් පත් කරලා තිබෙනවා.
තවදුරටත් බලා හි`දීමෙන්, ඉවසා සිටීමෙන් අපට සිද්ධවෙන්නේ හූල්ලන්න විතරයි. කාලයක් අපි හිතුවා, හු`ගක් හාමුදුරුවරු හිතුවා මේ තියෙන ශාසනික අර්බුදයට, අන්‍යාගමික කරණයට, වන්ද්‍යාකරණයට, මුස්ලිම් කරණයට උත්තර හොයන්න පු`ථවන් දේශපාලනික බලවේගයක් වීමෙන් කියලා. ඉතින් අපිත් කොපමණ නම් කැප කිරීම් කලාද? අද අපිට හො`දටම තේරෙනවා පක්‍ෂ දේශපාලනය තුල හිරවෙලා කිසිදිනෙක සාසනයට සවියක් වෙන්න බෑ කියලා. පක්‍ෂ දේශපාලනයෙන් තොරව උජුපටිපන්නව සිටගත් දාට විතරයි අපිට ‘පටිසෝතගාමි’ව උඩුගං බලා යමින් සම්බුද්ධ ශාසනයටත් මෙහෙවරක් කරලා, පිරිහෙමින් යන ජාතියටත් නව පණක් දීලා අද යුගයේ භික්‍ෂුවගේ කාර්යය ඉටු කරන්න වෙන්නේ.
අද අපිට තෙදවත් භික්‍ෂු නායකත්වයක් යටතේ පෙලගැහෙන්න වාසනාව ලැබිලා තිබෙනවා. කිරම නායක හාමුදුරුවෝ අපිට හරිම`ග කිියාදෙමින් මේ කටයුත්තට පණ පොවනවා.
අපිට තිබෙන්නේ හරිම කටුක ගමනක් යන්න. සංඝ සමාජය පුනර්ජීවනය කරන්න ඕන ධනයට, මුදලට යට නොවන සෘජු ප‍්‍රතිපත්ති හා මෛත‍්‍රී, කරුණා ගුණයෙන් පිරි භික්‍ෂු පිරිසකට මේ සමාජය හරවත් කරන්න පු`ථවන්, රෝගී සමාජය නිරෝගි කරන්නත් පු`ථවන්.
ඒ ස`දහා අපට සියුම් වටහා ගැනීමක් සහ නව උපාය, උපක‍්‍රමත් ඕනෑවෙනවා.
බොදු බල සේනා සංවිධානය වෙන්නේ ඒ අරමුණින්. භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව් පිරිසම එකම අරමුණකට පෙලගස්වලා අපි මේ ගොඩ නගන්නේ නව ජාතික බොදු පුනරුද ව්‍යාපාරයක්.
වෙළ`ද බලවේගවල ආධිපත්‍යයට හසුකරලා. බණ වෙළ`දුන්, බණ න`ඵවන් බිහිව තථාගත ධර්මය ඔවුන්ගේ කණ්ඩ සූත‍්‍රය බවට පත්කරගෙන ඇති වට පිටාවක අපිට ‘පටිසෝතගාමි’ වෙන්න සිදුවෙලා. මේක අමාරුයි. එහෙත් කොතනින් හරි පටන් ගන්න ඕන. මැයි මාසේ අපි ඒක පටන් ගත්තා.
එතැන් පටන් නිර්වින්දනය වෙලා හිටපු බෞද්ධ සංවිධාන, බෞද්ධයෝ, මෙන්ම ඇතැම් දේශපාලකයොත් අවදි වෙලා.
අපිට කිසිම බෞද්ධ සංවිධානයක් එක්ක තර`ගයක් නෑ. බෞද්ධයෝ අතර තර`ග ඕන නෑ. අපි දේශපාලනය කරන්නවත්, කාගෙවත් ඉත්තන් හෝ අතකොලූ වෙන්නෙත් නෑ.
අපිට ඕන පිරිසිදු බෞද්ධ සමාජයක්, එදා මිගෙට්ටුවත්තේ හාමුදුරුවෝ ගෙන ගිය බෞද්ධ ජාතික ව්‍යාපාරය අදට ගලපා ගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ.
දහම් පාසල බි`ද වැටිලා. සිංහලයන්ගේ ආර්ථිකය කඩාවැටිලා. වේගයෙන් මුස්ලිම්කරණය වීගෙන එනවා. අපේ කෑම ආහාර රටාව නන්නත්තාර කරලා, සංඝ සමාජයම භේද භින්න වෙලා.
අසහනයට පත් වුණු සමාජ කණ්ඩායම් ධර්මයේ මාවතට ඇදගෙන, අද වේගයෙන් පැතිරෙන උන්මත්තක කාම බලවේග, සදාචාරාත්මක බලවේගයන් ඔස්සේ පරාජය කරන්න ඕන.
සමහර විට අප කතා කරනදේ ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කරන්න දුෂ්කර වෙන්න පු`ථවන්.
මේ ස`ග සමු`ථවෙන් කරන්නේ ඒ ස`දහා ශක්තිමත් ආරම්භයක් ලබා ගන්න එක.
අපි අදීනව, අභීතව නැ`ගී සිටිමු.
එක්සිත්ව පෙළගැසී, සවිමත්ව නැගිටිමු
පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමි
බොදු බල සේනා මහ ලේකම්

No comments:

Post a Comment