6.12.11

අධිවේගී පාර

අධිවේගී  පාර  ගැන යමක්  කියන්න සිතුනේ  පාට මාරු  කලාට පසු  වැදගත් කිසි දෙයක්  නොකියා  හිටි 
දෙශපාලකයකු හදිසියේ කී දෙයක් නිසාය. අධිවේගී මාර්ගය නිසා ඔහු කී අයුරින් නෑදෑයන් දුරස් වීම හා දෙකඩ වූ ඉඩම් වගා කිරීම ඇත්තටම ප්‍රෂ්නයකි. අප පිලිගනිමි එහි විවාදයක් නැත. එහෙත් මා කියනා ඉතිරි දෑ ඔහු නොකීවේ ඇමති තනතුර නැතිවේදැයි කියන සැකය නිසාදැයි මා නොදනිමි. එහෙත් යතාර්ථතය යතාර්තයක් සේ දකිනා මා  ඔහුගේ කථාවට අටුවාවක් නොව ටිප්පනියක්ම ලියන්නට අවසර. රටක සංවර්ධනයේ ප්‍රධාන යටිතල පහසුකමක් මාර්ග පද්ධතියයි. නමුත් සාමාන්‍ය පාරකවත් හරියට යන්නට දන්නේ නැති අපේ මොට්ට
රියදුරන් දිනපතා විනාශ කරන වටිනා  ජීවිත දිහා බලන කල අධිවෙගී මාර්ග කිම කථාද? අනෙක අපනයන ආර්ථිකය බිදවැටී උග්‍ර විදේශ විනිම අර්බුදයක් ඇතිවී ඇති අවස්ථාවක තිබෙන මාර්ග හොදින් නඩත්තු කරනවා විනා අධිවේග කුමටද?  කෘෂිකාර්මික රටක් වන ලංකාවේ  වී වගාව පහල වැටී පිටරටින් හාල් ගෙනාවෝ  කියන දේෂපාලුවෝ තියෙන කුඹුරු ටිකත් ගොඩකරමින් අධිවේගී මාර්ග තනති. එහෙට මෙහෙට පිල් මාරු කරන දේශපාලුවන්ට ඇමති තනතුරු දී ගොඩවැඩි කර ගන්නවා විනා තියෙන මුදල් වියදම් කරමින් අධිවේගි මාර්ග තැනීමට හා විවෘත කිරීමට උත්සව  පවත්වමින් දුප්පත් අපරටට ඔය ගිල්ලවන ලනු පස්ස පැත්තෙන් පිට කරන්නට වෙන්නේ කබ ලෙස බව නොදන්නේද?  අධිවේගී මාර්ග හදන්නට  යොදවන මහජන මුදල් යොදවා අපනයන කාර්මික හෝ කෘෂිකාර්මික නිෂ්පාදන ආරම්බ කිරීම හා වැඩි දියුනු කිරිම අණුවන ක්‍රියාවක්ද? සිතන්න මහතුනි! මේ අපේ ලංකාවයි.කරුනාකර රටට කරන කෙනහිලිකම් දැන්වත් නවත්වන්න .පිටරැටියන්ගේ පරවැඩටට යවන ලාංකික කාන්තාවන් දුක් ගැහැට විදිමින් උපයන විදෙශ විනිමෙන්වත් අධිවේගී මාර්ග වල ගමන් කිරීමට අයකරන මුදලින්වත්  අපරට ගොඩගත නොහැකි බව හිතන්න. වන්චාවෙන් ප්‍රෝඩාවෙන්  නොව ලොවට පලදායී නිෂ්පාදන හා සේවා ඇති කිරීමත් ඒ සදහා හොද විදේශ වෙලදපලක් ඇතිකර ගැනීමට පත්ඉරු තැනීමටසූදානම් වන්න. හිගමින් විදේශ ණය ඉල්ලන්නට යොදන කාලය මෙවැනි විදේශ වෙළඳපලක්  ඇතිකර ගැනීම සදහා යොදවයි නමි  ලංකාව ආසියාවේ ආස්චර්ය වන දිනය වැඩි  ඈතක නොවනු ඇත.

 පිටපත ලිවේ ගොම්මනට ඉරපායන්නට පහනක්වත් පත්තුකරන්නට සිතා පුෂ්පකුමාර පිටරට සිටයි 

No comments:

Post a Comment